මධුෂ්ගේ සමීපතමයෙකු කෝටි 700ක මැණික් හා දියමන්තියක් සොරා ගත් සිද්ධියට අත්අඩංගුවට
රුපියල් කෝටි 700 ක වටිනාකමකින් යුත් මැණික් සහ දියමන්තියක් පන්නිපිටිය ප්රදේශයේදී කොල්ලකෑමේ සිද්ධියට අදාළව පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වන කසුන් ධනංජය හෙවත් ”වෙඩිකන්දේ කසුන්” පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කිරිබත්ගොඩ වෙඩිකන්ද ප්රදේශයේදී අද උදෑසන මිරිහාන විශේෂ අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුගිය වසරේ නොවැම්බර් 5 වනදා පොලිස් නිල ඇඳුමින් සහ සිවිල් ඇඳුම්වලින් සැරසී පන්නිපිටිය ප්රදේශයේ නිවසක තිබූ මෙම මැණික් සහ දියමන්තිය කොල්ලකා තිබේ.