මනම්පිටියෙන් ක්ලේමෝ බෝම්බයක් හමුවෙයි
මනම්පිටිය කොළණිය ගම්මානයේ ඉඩමකින් ක්ලේමෝ බෝම්බයක් හමුව තිබේ.
පෙළොන්නරුව පොලීසිය පැවසුවේ කොළණිය පාරේ ගොවියෙකු ඉඩමක වළක් හැරීමේදී මෙලෙස මෙම බෝම්බය හමුව ඇති බවයි.
ක්ලේමෝ බෝම්බයට අමතරව ක්ලෝමෝ බෝම්බ රදවනයක් සහ ඩෙටනේටර් දෙකක් ද හමුවී ඇති බව පොලීසිය පැවසුවේය.
අදාළ ගොවියා මියගිය ගව පැටවකු වළ දැමීමට පාලු ඉඩමක වළක් කපන අවස්ථාවේදී බූලියක් හමුවූ බවත්, එහි බෝම්බයක් තිබී හමුවූ බවත්, ඒ බව පොලිසියට දැනුම්දුන් බවත් එම ගොවියා පැවසීය.
පොළොන්නරුව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.