News

මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්ද විමසීමක් හෙට පවත්වන්න – ජනපති

පාර්ලිමේන්තුව තුළ බහුතරය නියමානුකූලව පෙන්වා සිටින ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින්ට පවසා තිබෙනවා.

ජනපති මෙලෙස පැවසුවේ අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී කථානායක කරූ ජයසූරිය මහතා සහ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් හමුවූ අවස්ථාෙව්දීයි.

පාර්ලිමේන්තුවේ බහුතරය තමන් සතු වන බව එම පක්ෂ නායකයන් ප්‍රකාශ කළ අවස්ථාෙව්දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මේ බව පවසා ඇත්තේ.

ඒ අනුව ඊයේ (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව නැවත හෙට (16) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්ද විමසීමක් පවත්වන ලෙස ජනාධිපතිවරයා පක්ෂ නියෝජිතයින්ට දැනුම් දී තිබෙනවා.

ඉන් අනතුරුව ඒ සඳහා ව්‍යවස්ථානුකූලව කටයුතු කිරිමට පියවර ගන්නා බව ජනාධිපතිතුමා එහිදි සඳහන් කළා.