News

මන්ත්‍රීවරුන්ගේ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් 12 දෙනෙකුට තුවාල 

පාර්ලිමේන්තුවේ දී අද දින මන්ත්‍රීවරුන්ගේ ප්‍රහාරයට ලක්වූ පොලිස් නිලධාරීන් 12 දෙනකු තුවාල ලබා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔවුන්ට මේ වන විට ප්‍රතිකාර ලබා දෙමින් තිබෙන බව ද දැනගන්නට ඇත.
මන්ත්‍රීවරුන් නොසන්සුන් කාරීව හැසිරීම නිසා කතානායකවරයාගේ ආරක්ෂාවට පොලිසිය කැඳවා තිබිණු අතර මන්ත්‍රීවරුන් පොලිසියට පුටුවලින් සහ පොත්වලින් ද මිරිස්කුඩුවලින්ද පහර දෙන අයුරු දැකගන්නට ලැබිණි.