මන්නාරම පේසාලෙයි සාගර කලාපයේ පාවෙමින් තිබු බීඩි කොළ කිලෝ 1448 ක් සොයා ගනියි
මන්නාරම,පේසාලෙයි සාගර කලාපයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩිකොළ කිලෝග්රැම් 1448 සොයා ගැනීමට ඊයේ (09) හැකිවු වු බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදාව පැවසූවේ දිවයින වටා වූ වෙරළ තීරයේ මත්ද්‍රව්‍ය මැඩලීමට සිදු කරනු ලබන මෙහෙයුම් අතරතුරදී පේසාලෙයි සාගර කලාපයේ සිදු කල සෝදිසි කිරීමකදී සැක කටයුතු පාර්සල් 29 ක් තුළ තිබි අදාළ බීඩිකොළ සොයා ගැනීමට හැකිවු බවද නාවික හමුදාව පැවසීය.
අදාළ පාර්සල පරීක්ෂා කිරීමේදී ඉන්දියාවේ සිට නීති විරෝධි අයුරින් ගෙනා බීඩි කොළ තොගය සොයා ගැනීමට හැකිවු බවද නාවික හමුදාව පැවසීය.
නාවික හමුදාව වැඩිදුරටත් පැවසූවේ සොයා ගන්නා ලද එම බීඩි කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කළ බවයි.
මෙම වසර තුළදී නාවික හමුදාව විසින් බීඩි කොළ ටොන් 60 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවද නාවික හමුදාව සඳහන් කරති.
වවුනියාව – මාධව කුලසූරිය.

