News

මරණීය

මරණීය දණ්ඩනයට නියමව සිටි දෙදෙනෙකු මරණීය දණ්ඩනයට නියම වූ අයෙක් ඝාතනය කරයි

මරණීය දණ්ඩනය නියම කර බන්ධනාගාර ගත කර සිටි සිරකරුවෙකු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ දී ඝාතනය කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ, හෝකන්දර ප්‍රදේශයේදී පුද්ගලයින් 06දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වී සිටි සිරකරුවෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.

එම බන්ධනාගාරයේම මරණීය දණ්ඩනය නියමව සිටි වෙනත් සිරකරුවන් දෙදෙනෙකු විසින් ඊයේ දහවල් 12ට පමණ අතින් පයින් හා හිසට ගලකින් පහරදී ඝාතනය කර ඇති බවට අඟුණුකොළපැලැස්ස පොලීසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්වූයේ වයස අවුරුදු 39ක් වූ හෝකන්දර ප්‍රදේශයේ පදිංචි මේනක සංජීව නොහොත් උක්කුවා යන පුද්ගලයාවයි.

අඟුණුකොළපැලැස්ස පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පවත්වාගෙන යනු ලබනවා.