මරදානේ පාළු නිවසකින් හමුවූ හෙරොයින් තොගය
රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් මරදාන–ලොක්ගේට් ප්‍රදේශයේ පාළු නිවසක තිබී සොයාගෙන තිබේ.
කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශණ කාර්යාංශයේ නිලධාරීන්ට අද (01) අලුයම ලද තොරතුරකට අනුව මෙම පාළු නිවස පරීක්ෂාවට ලක් කිරීමේදී එහි තිබී හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 78 ක් සොයාගෙන ඇති බව වාර්තා වේ.
මෙම හෙරොයින් තොගය කවුරුන් විසින් එම ස්ථානයට ගෙනවිත් තැබුවේද යන්න සොයාගැනීම සඳහා පොලීසිය මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකිරීම සඳහා මරදාන පොලිසිය වෙත එම හෙරොයින් භාරදුන් දී ඇති අතර, අද (01) දින මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.