මරාගෙන මැරෙන බෝම්බකරුගේ පියා තවදුරටත් රිමාන්ඩ්
පාස්කු ඉරුදින එල්ල වූ බෝමබ ප්රහාර මාලාවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් එල්ල කළ බෝම්බකරුගේ පියා වන අහමඩ් ලෙබ්බේ අලව්දීන් නමැත්තා මාර්තු මස 16වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාර ගත කරන ලෙසට අධිකරණය නියෝග කර තිබේ.
ඒ අද (02) කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ එම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදුකරන බවයි.
එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.