මරුවැලේ පැටලුන ගෙවිලිය
හාලිඇළ ලන්දෙවෙල ගොවියකු තම එළවළු කොටුව වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අටවා තිබූ විදුලි රැහැනක ගැටීම හේතුවෙන් ගොවියාගේ බිරිඳ මියගොස් තිබෙන බව පොලීසිය සඳහන් කරයි.
56 හැවිරිදි කාන්තාවක මෙලෙස මියගොස් තිබෙන අතර ඇය ලන්දේවෙළ පනාකන්නිය ගම්මානයේ පදිංචි කාරිනියකි.
ඇය සිය එළවළු කොටුවේ පලා කැඩීමට ගොස් තිබෙන අතර එහිදී විදුලි සැර වැදීම සිදුව තිබෙන බව පොලීසිය සඳහන් කර තිබේ.