මවක් දරු දෙදෙනා ළිඳට දමා මරා දමයි – මව බේරෙයි
සිය දරු දෙදෙනා සමඟ ළිඳට පැන සියදිවි නසා ගැනීමට කාන්තාවක් කටයුතු කර ඇති අතර, එහිදි කාන්තාව බේරි දරු දෙදෙනා අද(29) ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව රෝහල් ආරංචි මාර්ග පවසයි.
රෝහල් ආරංචි මාර්ග පැවසුවේ වවුනියාව නෙඩුන්කේනි පඩ්ඩිකුඩිඉරිප්පු ප්රදේශයේ පදිංචි මවක් එලෙස දරු දෙදෙනා ළිඳට දමා සියදිවි නසා ගැනීමට කටයුතු කොට තිබිණ.
අදාළ සිදුවීමෙන් වයස අවුරුදු හතරක හා දෙකහාමාරක දරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර, අසල්වාසීන් මව බේරා ගෙන ඇති බවද ප්රදේශවාසීන් පැවසීය.
කන්දයියා උර්වසි නමැති කාන්තාවක් අදාළ සියදිවි නසා ගැනීමට කටයුතු කොට ඇති අතර, ළිඳට දැමීම හේතුවෙන් උදයකුමාර් සන්දු නමැති වයස අවුරුදු හතරක දැරියක් හා උදයකුමාර් පවින්ද්රන් නමැති වයස අවුරුදු දෙකහාමාරක පිරිමි දරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවද රෝහල් ආරංචි මාර්ග පැවසීය.
මියගිය දරුවන්ගේ සිරුරු වවුනියාව රෝහල රැගෙනවිත් ඇති අතර, දරුවාගේ මව වවුනියාව රෝහලේ ප්රතිකාර ලබයි.
සිද්ධිය සම්බන්ධයෙන් නෙඩුන්කේනි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
වවුනියාව – මාධව කුලසූරිය

