News

මස්කෙළිය කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට

මස්කෙළිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයට අයත් මස්කෙළිය නගරයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු නව අසාදිතයන් 11 දෙනෙකු හඳුනා ගෙන ඇති බව වාර්තා වේ.

හඳුනාගත් අසාදිතයන් 11 දෙනාම මස්කෙළිය ශ්‍රි සම්මුගනාදන් හින්දු කොවිලේ ආශ්‍රිතයන් බව මස්කෙළිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි ඩී.චන්ද්‍රරාජන් මහතා පවසයි.

කොවිලේ පැවති රැස්විමකට සහභාගි වු එම කොවිලේ පාලක සභාවේ නිලධාරියෙකු කොවිල තුළදි හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කිරිමෙන් පසු මියගිය අතර, මරණකරුගේ ඇන්ටිජන් සහ පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව ඔහුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි තිබූ බව තහවුරු විය.

ඉන් අනතුරුව එම කොවිලේ පූජකවරයා ඇතුළු සිව්දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා විය.

ඔහුන්ගේ ආශ්‍රිතයන් 35 දෙනෙකුට පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කළ අතර එම පරික්ෂණ වාර්තා අනුව මෙම ආසාදිතයින් 11දෙනා හඳුනා ගෙන තිබෙන බව වර්තා වේ