මහ නගර සභා වෙළෙඳ සංකීර්ණයක වහලය කඩා වැටෙයි
බදුල්ල නගරයේ පිහිටා තිබෙන වෙළෙඳ සංකීර්ණයේ වහලයේ කොටසක් ඊයේ (04) පස්වරුවේ හදිසියේ කඩා වැටී ඇති අතර එහි වෙළෙඳසල් දෙකකට අලාභහානි වී ඇතැයි බදුල්ල පොලිසිය සඳහන් කර තිබේ.
උලු සහ ටකරන් සෙවිලි කර තිබී ඇති වහලය’ දැඩි ලෙස අබලන්ව තිබී ඇති අතර එම කොටස හදිසියේ එක් වරම කඩා වැටි තිබුණා.
එම ස්ථානයේ තිබෙන රූපලාවණ්‍යගාරයක්, සහ බෑග් මසන ස්ථානයක් වසා තිබීම් හේතුවෙන් කිසිවෙකුට අනතුරක් සිදු නොවූ බව පොලිසිය සඳහන් කරනවා.
වෙළෙඳසල් දෙකේ තිබූ දේපළ වලට අලාභහානි සිදුව ඇත.
වෙළෙඳ සංකීර්ණය ඉතාමත් පැරණි වන අතර මින් පෙර කිහිප වරක් මෙහි වහලය කඩා වැටි ඇති අතර කිහිපදෙනක් තුවාල ලැබු බවත් එම වෙළෙඳසල් හිමියෝ සඳහන් කරනවා.