News

මහ මැතිවරණය කල්දමන්නැයි කැෆේ ඉල්ලයි

කොරෝනා වෛරසය ව්‍යාප්තවෙමින් පවතින තත්ත්වය හමුවේ මහ මැතිවරණය පැවැත්වීම කල් දමන ලෙස කැෆේ සංවිධානය විසින් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

එම සංවිධානයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිසම වෙත ලිඛිතව දැනුම්දීමක් කළ බවයි.

රට තුළ මේ වන විට පවතින අවදානම් තත්ත්වය මහ මැතිවරණ ව්‍යාපාර කටයුතු සිදුකිරීමේදී කොරෝනා රෝගය ජනතාවට ආසාදනය වීමේ වැඩි ඉඩක් පවතින බව කැෆේ සංවිධානය පෙන්වා දෙනයි.