මහජන සෞඛ්‍ය පරීක්ෂකට පහර දුන් තරුණයා අත්අඩංගුවට
රඹුක්කන ප්‍රදේශයේ කොරෝනා මැඩලිමේ රාජකාරියේ නිරතව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදුකල සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛේ.
සැකකරු වයස අවුරුදු 16 ක කඩිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහුව හෙට මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
පසුගිය 4 වනදා මෙලෙස පහර කෑමට ලක්වුණේ රඹුක්කන මහජන සෞඛ්‍ය කාර්යාලයේ සේවයේ නියතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්. කැපුම් තුවාල හේතුයෙන් ඔහුව රඹුක්කන රෝහලට ඇතුලත් කර තිබුණා.
