News

මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා ප්‍රභූ වාහනට ගමන් කිරීමට කටයුතු නොකරන්න – ජනපති

මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා ප්‍රභූ වාහනවලට ගමන් කිරීම සඳහා කිසිදු අයුරකින් සිදු නොකළ යුතු බව ජනාධිපතිවරයා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

ඊයේ (21) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඒ පිළිබදව අවධානය යොමු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.