News

මහනුවර ඇසළ මහා පෙරහැර අගෝස්තු මස 05වන දා සිට විථි සංචාරය අරඹයි

2019 මහනුවර ඇසළ මහා පෙරහැර අගෝස්තු මස 02 වන දින සිව් මහාදේවලයන්හි කප් සිටිවිමෙන් පසු ආරම්භ කරණ බව දියවඩන නිලමේ තැන්පත් නිළංග දෑල මහතා සඳහන් කරයි.

එදින සිට පුරා දින තුනක් සිව් මහ දේවාලයන්හි අභ්‍යන්තර පෙරහැර 05ක් පැවැත්වෙන බව දියවඩන නිලමේවරයා සඳහන් කළ අතර ඉන් පසු පළමු කුඹල් පෙරහැර අගෝස්තු මස 05 වන දින විථි සංචාරය කිරිමට නියමිත ව ඇත.

කුඹල් පෙරහැර අගෝස්තු මස 09 වනදා දක්වා පැවැත් වෙන අතර අගෝස්තු මස 10 වන දින පළමු රන්දෝලි පෙරහැර විථි සංචාරය කිරිමට නියමිතව ඇත.

අගෝස්තු මස 14 වන දින පුරා දින 05ක් පුරා පැවැත්වෙන රන්දෝලි පෙරහැර අවසන් විමට නියමිතව ඇත.