නවතම ප්‍රවෘත්ති

මහනුවරදී ගිනි අවි සමග 8ක් කොටු

මහනුවර පුෂ්පදාන මාවතේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකදී කොටි සංවිධානයට අයත් පිස්තෝලයක්, රිපීටර් වර්ගයේ ගිනි අවියක් සමග පුද්ගලයන් අටදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් වැලිකන්ද, මහනුවර හා කතරගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මොවුන් අවුරුදු 31-34 වයස්වල පසුවන බවත් පොලිසිය පවසයි.
ඓතිහාසික ඇසළ පෙරහර ආරක්ෂාව වෙනුවෙන් මහනුවරට යොදවා ඇති පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.