News

මහබැංකු බැඳුම්කර වංචා සිද්ධියට සම්බන්ධ ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු 5කට ඇප

මහබැංකු බැඳුම්කර වංචා සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී සමරසිරි සහ පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු පස් දෙනාට ඇප ලබාදීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (05) නියෝග කළාය.

ඔවුන් දෙදෙනාට රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇපයක් රුපියල් ලක්ෂ 20 බැගින් වු ශරීර ඇප දෙකක්ද මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.

අධ්‍යක්ෂවරු වන පුෂ්පමිත්‍ර ගුණවර්ධන, චිත්‍රා රංජන් හුලුගල්ල සහ මුතුරාජා සුරේන්ද්‍රන් යන අය ඇප හිමි වු සෙසු සැකකරුවෝය.

ඔවුන්ට එක් අයකුට ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් අධිකරණය නියම කළේය.

එමෙන්ම ඔවුන්ගේ විදෙස් ගමන්ද තහනම් කළ අතර විදෙස් ගමන් බලපත් අධිකරණයට බාර දෙන ලෙසද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

නඩු විභාගය අප්‍රේල් 30 වැනිදාට කල් තැබිණි.