මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම හෙට අත්හිටුවයි
හෙට පෙරවරු 9 සිට අනිද්දා පෙරවරු 9 දක්වා පැය 24 ක කාලයක් මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය සඳහන් කරයි.
කොළඹ දිස්ත්‍රික් නැගෙනහිර නගර ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ ජලනළ පද්ධතිය වැඩිදියුණු කිරීම හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන වතර මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට පැය 24 ක කාලයක් ජල සැපයුම අතිහිටුවනු ඇත.
