මහරගම රිය අනතුරක්
බොරැල්ල – කොට්ටාව මාර්ගයේ පොල්වත්ත හන්දියේ දී මෝටර් රථයක් සහ යතුරුපැදි දෙකක් ගැටීමෙන් එක් යතුරු පැදියක ගමන්ගත් තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබේ.
අනතුර අද (02) සිදුව තිබෙන අතර එම මියගිය තරුණයන් දෙදෙනාට අමතර තවත් තරුණයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව මහරගම පොලීසිය සඳහන් කරයි.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ යටියන්තොට මලල්පොල,මීගොඩ මුතුහේනවත්ත, පදිංචිකරුවෝ දෙදෙනෙක් බව වාර්තා වී ඇත.