මහවැලි ගඟේ අතුරුදන් වූ සිසුවාගේ සිරුර සොයා ගනී
මහවැලි ගඟේ දිය නෑමට ගොස් අතුරුදන් වූ පාසල් සිසුවාගේ සිරුර නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් මහවැලි ගගේ ගැඹුරු වළක තිබි අද (15) දින සොයා ගෙන ඇත.
අතුරුදහන් වු සිසුවා වැලිසර නාවික හමුදා කිමිදුම්කරුවන් නාවලපිටිය පොලීසිය සමඟ එක්ව සිදුකළ මෙහෙයුමකදී සොයා ගෙන ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ මහනුවර – තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචි මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 17 හැවිරිදි පාසල් සිසුවෙකි.
මිය ගිය සිසුවා නාවලපිටිය – මල්ලන්ද ප්‍රදේශයේදී මිතුරන් සමග මහවැලි ගඟේ දිය නාමින් සිටියදී ඊයේ(14) දිනයේදීයි අතුරුදන් වී තිබේ.
සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂනය සදහා නාවලපිටිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ නාවලපිටිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.