News

දෙදින නිල සංචාරයක් සඳහා මහින්ද හෙට ඉන්දියාවට

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෙට (09) දින දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිත බව වාර්තා වෙයි.

හින්දු පුවත් පත මඟින් හෙට සහ අනිද්දා දිනයන්හිදී ඉන්දියාවේ බංගලෝර්හි දී පැවැත් වීමට නියමිත සමුළුවක් සඳහා මහින්ද රාජපක්ෂ මහතා මෙම සංචාරයට එක් වන අතර මෙම සමුළුවේ සමාරම්භක දේශනය පැවැත් වීම සඳහා ඔහුට ආරාධනා ලැබී ඇත.

මෙම සමුළුව සඳහා ඇෆ්ගනිස්ථාන, මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරුන්,සචින් තෙන්ඩුර්කාර් හා කරන් ජොහාර් හා පද්මා ලක්ෂ්මි සහභාගීවීමට නියමිත බව වාර්තා වෙයි.