මහින්දානන්දගේ නඩු විභාගය මාර්තු 19 සිට ඇරඹෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුවේ විභාගය මාර්තු මස 19 වනදා නැවත ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද නියම කළා.
කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.කේ. පටබැඳිගේ මහතා ඉදිරියේ නඩුව අද (23) කැඳවනු ලැබුවා.
එහිදී නඩුව මාර්තු මස 19 දා යළි විභාග කිරීම ආරම්භ කිරීමට විනිසුරු තීන්දු කළා.
පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමැති වෘත්තීය සමිතියේ සභාපති වරයා ලෙස කටයුතු කරමින් එම සමිතියට අයත් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබෙනවා.