News

මහෙස්ත්‍රාත් සහ විනිසුරුවරුන් 72කට ස්ථාන මාරු

වාර්ෂික ස්ථාන මාරුවීම් යටතේ මහෙස්ත්‍රාත්වරුන් සහ විනිසුරුවරුන් 72ක් සඳහා ස්ථාන මාරුවීම් ලබාදීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවරගෙන තිබේ.

අප්‍රේල් මස 05 වන දින සිට ක්‍රියාත්මකවන පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව කොළඹ වැඩබලන ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාව සිටි ආර්.එම්.එස්.බී. චන්ද්‍රසිරි මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලෙස පත්කර ඇති අතර කොළඹ වැඩබලන දිසා විනිසුරුවරයාව සිටි ඒ.ජී. අලුත්ගේ මහතා කොළඹ දිසාවිනිසුරුවරයා ලෙස ද පත්කර තිබේ.

මෙම වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා අද(25) දිනය දක්වා අභියාචනා ඉදිරිපත් කළ හැකි බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කරයි.