News

මාකඳුරේ මධුෂ්මෙ රටට පිටුවහල් කරනවා ද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබන 9 වැනිදා දක්වා කල්යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධුෂ් මෙරටට පිටුවහල් කරනවා ද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබාදීම ලබන 9 වැනිදා තෙක් යළි කල් දමා තිබේ.

මධූෂ් විසින් ගොනු කර ඇති පෙත්සම අද විභාගයට ගැනීමෙන් අනතුරුව අද ඩුබායි අධිකරණය මෙම නියෝගය ලබාදී තිබුණේය.

මාකඳුරේ මධුෂ් අධිකරණයෙන් එම ඉල්ලීම කර ඇතැයි පැවසෙන්නේ තමාට ජීවිත තර්ජන ඇති බව සහ තව ත් කරුණු කිහිපයක් දක්වමිනි.

පසුගිය පෙබරවාරි 05වන දින ඩුබායිහි පැවති සාදයක් අතරතුර මාකඳුරේ මදුෂ් ඇතුළු පුද්ගලයින් 31 දෙනෙකු ඩුබායි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ භාවිතා කිරීම යන චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගත් අතර එම පිරිස අතර ජනප්‍රිය ගායක අමල් පෙරේරා ඔහුගේ පුත් නදිමාල් පෙරේරා, රංගන ශිල්පි රයන් වෑන් රෝයන් යන අය ද සිටියේය.

අත්අඩංගුවට ගත් පිරිස් සම්න්ධයෙන් එරට ආරක්ෂක අංශ පරීක්ෂන පවත්වා පුද්ගලයින් 30 දෙනෙකු මේ වනවිට අවස්ථා කිහිපයකදී එරටින් පිටුවහල් කරනු ලැබුවේය.

තව ත් කිහිපදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.