මාතරින් හිස්වූ මන්ත්‍රිධුරය මනෝජ් සිරිසේනට
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිධුරයට මනෝජ් සිරිසේන මහතා නම් කරන බව දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
ඔහු මීට පෙර දකුණු පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු, සංස්කෘතික හා කලා කටයුතු, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, වනිතා කටයුතු හා ගෘහ ආර්ථික ප්‍රවර්ධන, නිවාස හා ඉදිකිරීම්, මිනිස් බල හා රැකීරක්ෂා අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
