මාර්තු අග වෙද්දී රෝහල්වල ඖෂධ හිඟය අවසන්
රෝහල්වල පවතින ඖෂධ හිඟය මෙම මස අවසානය වන විට පියවන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ‘අරුණ’ට ඊයේ (4 වැනිදා) පැවැසීය.
මේ වන විට ඖෂධ වර්ග 392ක හිඟයක් පවතින බවත්, ඉන් ඖෂධ වර්ග 144ක් ඉදිරි සති දෙක ඇතුළත රෝහල්වලට ලබාදීමට කටයුතු කරන බවත් වෛද්‍යවරයා කීවේය.
ඖෂධ හිඟවීමට හේතුව ලෙස සභාපතිවරයා සඳහන් කළේ හිඟයක් ඇති වේ යැයි උපකල්පනය කරන ඖෂධ පිළිබඳව මාස 8කට පෙර සංස්ථාවට දැනුම් නොදීම බවයි.
ටෙන්ඩරයක් කැඳවූ පසු එය ක්‍රියාත්මක වීමට මාස 8ක පමණ කාලයක් ගත වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
චාමර පල්ලේගෙදර
