News

මාර්තු 15 පූජිත් ගෙදර යයි – පොලිස්පති පුටුවට පොරය ඇරඹේ

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරගේ සේවා කාලය ලබන මාර්තු 15 දිනෙන් අවසන් වීමෙන් පසුව පුරප්පාඩු වන පොලිස්පති පුටුව සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු තරග වදිමින් සිටින බවට පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

එළඹෙන මාර්තු 15 වැනිදාට පූජිත් ජයසුන්දර මහතාට වයස අවුරුදු හැට සම්පූර්ණ වීමත් සමගම ඔහු පොලිස්පති තනතුරෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.

ඒ අනුව මෙතෙක් බැඩබලන පොලිස්පති තනතුරේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්නජ්‍යෙෂ්ඨත්වය අනුව ඉදිරියෙන්ම සිටියි. ඊළඟට පිළිවෙළින් දැනට වැඩ තහනමට ලක් සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මෙන්ම ජ්‍යෙෂ්ඨත්වය අනුව පිළිවෙළින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අබේසිරි ගුණවර්ධනනන්දන මුණසිංහෆ්‍රෑන්ක් ප්‍රනාන්දුරවී විජේගුණවර්ධනරෝෂන් ප්‍රනාන්දුනිලන්ත ජයවර්ධනලලිත් පතිනායකදේශබන්දු තෙන්නකෝන් යන නිලධාරින් වෙති.

කෙසේ වෙතත් මාර්තු පළමු සතියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියද මාර්තු 15 ව්‍යවස්ථාදායක සභාව රැස්වී පොලිස්පති තනතුරට ජනාධිපතිවරයා නිර්දේශ කරන නමට හෝ නම් අතරින් එකකට අනුමැතිය දීමට නියමිතය.

චමින්ද සේනාරත්න