මාර්තු මස වැඩිහිටි සහ රෝගාධාර දීමනා ග්‍රාම නිලධාරීන් මඟින්
2020 මාර්තු මාසයට අදාල වැඩිහිටි සහ රෝගාධාර දීමනා ග්‍රාම නිලධාරීන් මගින් ගෙවීමට උසස අධ්‍යාපන,තාක්ෂණ නවෝත්පාදන සහ තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත කටයුතු යොදා ඇති බවත් එහිදී තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි සම්බන්ධ කර ගනිමින් සිය දීමනාව ලබා ගැනීමට හැකි බවත් තැපැල්පති රංජිත් ආරියවංශ මහතා පවසයි.
එහිදී සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කළ යුතු බැවින් ග්‍රාම නිලධාරී හමුවීමට පෙර වෙලාවක් වෙන් කර ගැනීමට කටයුතු කළ යුතු වේ.
කොවිඩ් 19 වෛරසයෙන් දැඩි බලපෑමට ලක්වීමේ සම්භාවිතාවක් ඇති වැඩිහිටි සහ රෝගී පිරිස් විශාල වශයෙන් ඒකරාශී වීමෙන් ඇතිවිය හැකි අහිතකර තත්වය යම් තරමකින් හෝ පාලනය කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති බව තැවැල්පතිවරයා විසින් වැඩිදුරටත් සඳහන් කරයි.
