News

මාවනැල්ලේදී පුද්ගලයෙකුට වෙඩි තැබූ සිද්ධිය සම්බන්ධයෙන් CIDය විමර්ශන අරඹයි

පසුගිය 9 වනදා මාවනැල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇත.

පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි එම කටයුතු විමර්ශනය සඳහා පසුගියදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙනු ලැබුවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මොහොමඞ් තෆ්ලින් නැමති පුද්ගලයෙකුට වෙඩි තබා තිබු අතර වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රදේශයේ සිදුවන අපරාධ සහ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදුන් අයෙකු බවයි.