මැතිවරණ නිරීක්ෂණයට දස දහසක බළකායක්
එළඹෙන ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් ආයතනය දේශීය නිරීක්ෂකයන් දසදහසක් හා විදේශීය නිරීක්ෂකයන් තිස්පස් දෙනකු යෙදවීමට තීරණය කර ඇත.
ඒ අනුව නාමයෝජනා භාරදීමේ සිට මැතිවරණය අවසන් වන තෙක් සහ පශ්චාත් මැතිවරණ කාලය දක්වා වූ කාලය සඳහා කෙටිකාලීන, ජංගම තැපැල් ඡන්ද හා දිගුකාලීන ආදී කටයුතු සඳහා නිරීක්ෂකයන් ඛාණ්ඩ කර ඒ සඳහා යොමු කරන බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසීය.
ඊට අමතරව විදේශිකයන් ලෙස සම්බන්ධ වන ආසියානු කලාපයේ රටවල මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල ප්‍රධානීන් තිදෙනකු පැමිණීමට නියමිතය. නාම යෝජනා භාර ගන්නා දිනයේ එම නිරීක්ෂණ කණ්ඩායමෙන් තවත් දොළොස් දෙනකු මාසයක් රට තුළ රැඳී සිටීමට පැමිණෙන අතර තවත් විසිදෙනකු සති දෙකක කාලයක් රටේ රැඳී සිටීමට පැමිණෙනු ඇත.
