මැතිවරණ ප්‍රචාරක කටයුතු මාධ්‍ය ඔස්සේ පමණයි
මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු මාධ්‍ය මගින් පමණක් කළ යුතු බවට කොන්දේසියක් අද (20 වැනිදා) පැවැත්වෙන සාකච්ඡාවේදී යෝජනා කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ සඳහා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයද, සමාජ ජාලා වෙබ් අඩවි සහ ෆේස්බුක් පමණක් භාවිත කළ යුතු බවට නිර්දේශ ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අදහස් කර ඇත. කිසිදු මැතිවරණ රැස්වීමක්, නිවාසවලට ගොස් දැනුවත් කිරීම් සිදු කිරීම තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කරන නිර්දේශවලට ඇතුළත් කිරීමට තීරණය වී තිබේ. පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ සාකච්ඡාවක් අද (20 වැනිදා) පෙරවරුවේ කැඳවා තිබේ. සෞඛ්‍ය, තැපැල්, ආරක්ෂක, පොලිසිය, රාජ්‍ය පරිපාලන, මුද්‍රණාල යන ආයතන ප්‍රධානීන් මෙම සාකච්ඡාවට කැඳවා තිබේ. මෙම සාකච්ඡාවේදී ගනු ලබන තීරණ මත පක්ෂ ලේකම්වරුන් කැඳවා වෙනත් සාකච්ඡාවක් පැවැත්වීමටද මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
උදයවීම ඒකනායක
