News

මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත් කරයි

මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ජගත් අබේසිරි ගුණවර්ධන මහතා පත්කර ඇත.

පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි මැතිවරණ රාජකාරී ආවරණය කිරීම සඳහා මෙම පත් කිරීම සිදුකර ඇති බව
පොලිස් මූලස්ථානය සඳහන් කළ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත සහ රථවාහන දිසාව භාරව ද කටයුතු කරනු ඇති.