News

මැතිවරණ වියදම් කපන කෙටුම්පත කැබිනට්ටුවේ හිරවෙයි

මැතිවරණ වියදම් සීමා කිරීම සඳහා පනත් කෙටුම්පත මීට මාස හයකට පෙර සකස් කර මැතිවරණ කොමිසම මගින් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවා ඇතත් මේ වන තෙක් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බව වාර්තා වේ.

නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව අදාළ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට යොමු කර ඇති බව වාර්තා වේ.

එමගින් අපේක්ෂිතයින්ගේ වියදම් සීමා කිරීම, දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල වියදම් සීමා කිරීම, ප්‍රවර්ධන වියදම් සීමා කිරීම, කුලියට ගන්නා වාහන, ස්ථාන ආදිය සඳහා වියදම් සීමා කිරීම ආදී කරුණු එම මැතිවරණ සීමා කිරීමේ පනත් කෙටුම්පතට ඇතුළත් බව සඳහන් වේ.

රංජිත් ගුණවර්ධන