මැතිවරණය අස්සේ සුජී හා මොරිල් කුඩු කිලෝ 800ක් එවලා
ඩුබායි සිටි පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදී සිටින කොස්ගොඩ සුජී හා කිරුලපනේ කුඩු මොරිල් ජනාධිපතිවරණ උණුසුම් අස්සේ ලංකාවට කුඩු කිලෝ අටසියයක් ගොඩ බා ඇතැයි බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත.
නාවික හමුදාවට දකුණු මුහුදු තීරයෙන් පසුගිය සතියේ හමුවූයේ එසේ ගෙන ආ කුඩු කිලෝ අටසියයෙන් දෙසිය ගණනක් පමණක් බවත් හෙළිවී තිබේ.
කුඩු කිලෝ අටසියයක් මෙරටට රැගෙන ඒමට වන සූදානම ඩුබායි සිටින ඔත්තුකරුවන් දන්වා ඇතත් නිශ්චිතව බෝට්ටුව ගැන තොරතුරු ලැබී නැත. ඒ නිසා සම්පූර්ණ තොගය කොටු කර ගත නොහැකි වූ බව විමර්ශන නිලධාරියකු සඳහන් කළේය.
මෙම කුඩු තොගය කුඩු මොරිල් විසින් දෙමටගොඩ රුවන් ඇතුළු කණ්ඩායමකට එවා ඇතැයි හෙළිවී තිබේ. කුඩු මොරිල් ඩුබායි සිට අබුඩාබි පොලිසියට මාකඳුරේ මධුෂ් කොටු කර දීමට සහාය වූ කුඩු ජාවාරම්කරුවෙකි.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
