මැදවච්චිය අනතුරකින් 03ක් මරුට – 05ක් තුවාල
මැදවච්චිය, අනුරාධපුර මාර්ගයේ වහමළුගොල්ලෑව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇත.
ඊයේ (28) රාත්‍රී 11.50 ට පමණ යාපනය දෙසට ධාවනයවූ සුඛෝපභෝගී බස් රථයක්, දඹුල්ල දෙසට ධාවනයවූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනතුරින් අට දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර රෝහල්ගත කිරීමේදී තිදෙනෙකු මියගොස් ඇත.
මියගොස් ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචි 53, 30 සහ 12 යන වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙකි
