මිගමුව ප්රදේශයේ සියලු මත්පැන් ශාලා තාවකාලිකව වසා දමන ලෙස කාදිනල් හිමිපාණන් ඉල්ලයි
මෙම දින කිහිපය තුලදී මීගමුව ප්රදේශයේ සියලු මත්පැන් ශාලා තාවකාලිකව වසා දමන ලෙසත් නිවාස සියල්ල හොඳින් සෝදිසියකට ලක් කරන්න ලෙසත් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලයි.
කොළඹ අගරදගුරු නිල නිවසේ ඊයේ( 06) පස්වරුවේ පැවති විශේෂ මාධ්යහමුවකදි උන්වහන්සේ මේ බව සඳහන් කළ අතර ඒ මගින් පෙරේදා දිනයේ (05) ඇති වූ ආකාරයේ නොසන්සුන්තා නැවත ඇති වීම වළක්වා ගතහැකි බවද සඳහන් කළේය.
ජන කණ්ඩායම් අතර සාමය සහ සුහඳතාව ඇති කරන සංවිධාන ශක්තිමත් කළයුතු බවද මෙහිදි කාදිනල් හිමියන් පැවසීය.