News

මිතුරා වෙනුවෙන් රුසියානු භාෂා ප්‍රශ්න පත්‍රය ලියූ තරුණයා හසුවේ

අ.පො.ස සාමන්‍ය පෙළ විභාගය සඳහා වෙනත් අපේක්ෂකයකු වෙනුවෙන් පෙනීසිටි තරුණයකු බලංගොඩ ප්‍රදේශයේ විභාග මධස්ථානයක දී අත්අඩංගුවට ගෙන තිබේ.

විසි එක් හැවිරිදි සැකකරු මෙලෙස සාමාන්‍ය පෙළ විභාගයේ රුසියානු භාෂා විභාගය සඳහා පෙනීසිට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

සැකකරු අද (11) බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙවර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් සිව් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.