මිනිස් හිසක් පෑලියගොඩින් හමුවේ
පෑලියගොඩ ප්රදේශයේ දුටුගැමුණු මාවතේ පිහිටි කර්මාන්තශාලා භූමියක තිබී මිනිස් ඔලුවක් හමු වී ඇත.
මිනිස් හිස සම්බන්ධයෙන් අලුත්කඩේ අංක 05 මහේස්ත්රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති අතර මහේස්ත්රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.