මිනුවන්ගොඩ කලහකාරී සිදුවීමෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 32කට ඇප
පසුගියදා මිනුවන්ගොඩ ප්රදේශයේ හටගත් නොසන්සුන් හා කලහකාරී සිද්ධීන්වලට අදාලව අත්අඩංගුවට ගත් සැකකරුවන් 32ක් ඇප මත මුදා හැර ඇත.
අප වාර්තාකරු සදහන් කළේ මිනුවන්ගොඩ මහේස්ත්රාත් අධිකරණයට සැකකරුවන් ඉදිරිපත් කළ අතර, එහිදී ඔවුන් ඇප මත මුදා හැරීමට නියම කළ බවයි.
මිනුවන්ගොඩ ප්රදේශයේ හටගත් නොසන්සුන් හා කලහකාරී සිද්ධීන්වලට අදාලව පසුගිය 14 වනදා මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (22) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.