News

මිරිස්සේ ෆේස් බුක් සාදයක් වලටයි

මාතර, මිරිස්ස ප්‍රදේශයේ පවත්වනු ලැබූ ෆේස්බුක් ඔස්සේ සංවිධානය කල මත්පැන් සාදයක් වැටලීමට දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශය කටයුතු කර තිබේ.

ඒ අනුව විදේශීය මත්පැන් මිලි ලීටර් 57250ක් සමඟ එම සාදය සංවිධානය කළ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (20) දින සුරාබදු දෙපාර්තමේන්තුවේ 1913 හදිස්සි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත වැටලීම ක්‍රියාත්මක කර තිබේ. මේ අනුව ලක්ෂ 05ක් පමණ වටිනා විදේශීය මත්පැන් සොයාගෙන ඇත.

සාදය වයස අවුරුදු 20ත් -25ත් වයසේ පසුවන තරුණ තරුණියන් ඉල්ලක කර පවත්වා ඇති අතර තරුණ තරුණියන් සීයක් පමණ සහභාගී වී සිටි බවත් දකුණු පළාත් විශේෂ සුරාබදු මෙහෙයුම් කාර්යාංශය සඳහන් කරයි.