මිලියන 2778 හෙරොයින් සිද්ධියට සම්බන්ධ සැකකරු 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් බේරුවල, බලපිටිය මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් බෝට්ටුවට හෙරොයින් තොගය ලබාදුන් ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරයි.
බේරුවල පිහිටි ඔහුගේ නිවස ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂා කර ඇති අතර එහි තිබී අධි තාක්ෂණික දුරකථන දෙකක් සහ මුදලින් රුපියල් ලක්ෂ 59 ක් සොයාගෙන ඇත.
බේරුවල, බලපිටිය මුහුදු තීරයේදී පසුගිය දා අත්අඩංගුවට ගත් කිලෝග්‍රෑම් 231ක් බරැති මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 2778 ක්.