News

මිලියන 300ක් ගෙවා රූප නාළිකාවක් මිලට ගන්න ඇමැතිවරයෙක් දත කයි

චෝදනා ලබා සිටින හිටපු කැබිනට් ඇමැතිවරයකුට අයත් බව කියන රූපවාහිනී නාළිකාවක් රුපියල් මිලියන තුන්සියයකට මිලට ගැනීමට වත්මන් කැබිනට් ඇමැතිවරයකුගේ හිතවත් ව්‍යාපාරික පිරිසක් සාකච්ඡා ආරම්භ කර ඇත.

මෙම ව්‍යාපාරිකයින් අතර ගෑස් සමාගමක සභාපතිවරයකු ද සිටින අතර එම සභාපතිවරයා සහ ඇමැතිවරයාගේ හිතවතුන් පසුගිය බදාදා (10 වැනිදා) පස්වරුවේ ඇමැතිවරයාද සමග සාකච්ඡාවක් පවත්වා ඇත.

හිටපු ඇමැතිවරයා මුස්ලිම් ජාතිකයකු වන අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ඔහු අමාත්‍ය ධුරයෙන් ඉවත් වූයේ චෝදනා එල්ල වීම හේතුවෙනි. එලෙස චෝදනා එල්ල වීම නිසා මෙම රූපවාහිනී නාළිකාවද පොලිස් පරීක්ෂාවට ලක් විය.

උදයජීව ඒකනායක