News

මිලියනයකට අධික මුදල් වංචා කළ විදේශිකයෙකු මාට්ටු

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් වංචා කළ විදේශ ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ හැඳල ප්‍රදේශයේදී වන අතර කොළඹ වංචා විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මතය.

අත්අඩංගුවට ගත් විදේශිකයා 30 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු බවට වාර්තා වෙයි.

සැකකරු විසින් විදේශ රැකියා ලබාදෙන බව බවසා විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් දස ලක්ෂයක් සහ පනස් දහසක පමණ මුදලක් වංචා කර ඇති බව සඳහන් වෙයි.

සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇත.