මුඛ ආවරණ පැලදීම අත්‍යාවශ්‍ය නැහැ
නව කොරෝනා වෛරසය සමාජීය වශයෙන් පැතිරීමක් නොමැති බැවින් මුඛ ආවරණ පැළදීම අත්‍යාවශ්‍ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
මුඛ ආවරණ නොමැති පුද්ගලයින් ඇතැම් වෙළදසැල් සහ කාර්යාලවලට ඇතුලු කර ගැනිමට මැලි කමක් දක්වන බව පෙනී යන බවයි අධ්යක්ෂවරයා පැවසුවේ.
මුඛ ආවරණ පැලදීම නොකළ යුතු බව තමන් සඳහන් නොකරන බව පැවසු අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ කෙසේවෙතත් මුඛ ආවරණ පැලදීම අනිර්ය නොවන බවයි.
