මුම්බායි නුවර සිටි ශ්‍රී ලාංකික සිසුන් දිවයිනට
ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලාංකික සිසුන් 163 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 143 දරණ ගුවන් යානය අද උදෑසන 09.10ට ඉන්දියාවේ මුම්බායි වෙත පිටත්ව ගොස් ඇති අතර ගුවන් යානය අද පස්වරු 2.35ට පමණ යළි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ළඟා වී ඇත.
මේ අතර මෙම සියලු ශ්‍රී ලාංකික සිසුන් දිවයිනට පැමිණිමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට නියමිතයි.
