මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළ තීරයේ මිනිස් අස්ථි කැබලි හමුවු ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරයි
මුලතිව්,වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළ තීරයේ තිබි එල් ටි ටි සංවිධානයේ නිළ ඇදුම් කොටස් කිහිපයක් සමඟ හමුවු මිනිස් අස්ථි කොටස් පැවති ස්ථානය අද(21) මුලතිව් මහේස්ත්රාත් එස්.ලෙනින්කුමාර් මහතාගේ අධික්ෂණය යටතේ කැනීම් කටයුතු ආරම්භ කළ බව මුලතිව් පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ මුල්ලිවයික්කාල් බටහිර වෙරළ තීරයේ ධීවර සංගමයට අයත් ඉඩමක වැල්ලේ මතුව තිබු අස්ථි කොටස් හා එල් ටි ටි සංවිධානයේ නිළ ඇදුම් කොටස් කිහිපයක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව අදාළ ස්ථානය පරීක්ෂා කොට මහේස්ත්රාත්වයාගේ අධික්ෂණය යටතේ කැනීම් කටයුතු ආරම්භ කළ බවයි.
අදාළ ස්ථානයේ එල් ටි ටි සංවිධානයේ නිළ ඇදුමකට සමාන කොටස් කිහිපයක් හා මිනිස් අස්ථිවලට සමාන අස්ථි කොටස් කිහිපයක් පවතින බව පොලිසිය පැවසුවේය.
පොලිසිය පැවසූවේ අදාළ ස්ථානයේ අස්ථි සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම යාපනය රෝහල් විශේෂඥ අධිකරණ සිදුකිරීමට නියමිත බවයි.
අවසන් ගැටුම් පැවති මුල්ලිවයික්කාල් වෙරළ තීරයේදී එල් ටි ටි සාමාජිකයින් හා යුධ හමුදා සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් එවක ජිවිතක්ෂයට පත්වු බව රාජ්ය හා රාජ්ය නොවන සංවිධාන දත්තවල සඳහන්ය.