මුල්ලේරියායාවේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ යතුරු පැදියක් සොයාගැනේ
මුල්ලේරියායාවේ දී වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරනු ලබන ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදියක් වැල්ලම්පිටිය පොලිස් වසමේ කොහිලවත්ත ප්‍රදේශයේ කැලණි ගඟ අසබඩ තොටුපලක් අසල දමා ගොස් තිබියදී සොයාගැනේ.
වැල්ලම්පිටිය පොලීසිය විසින් ඊයේ(07) රාත්‍රීයේ දීඑම යතුරුපැදිය සොයාගෙන ඇති අතර මෙම අපරාධය සඳහා එම යතුරුපැදිය සම්බන්ධද යන්න පිළිබඳ පොලීසිය විසින් පුළුල් විමර්ශන සිදු කරගෙන යනු ලබයි.
මුල්ලේරියාව පොලිස් වසමේ අංගොඩ හන්දිය අසල මාර්ගයේ දි ඊයේ රාත්‍රීයේ වෙඩි තැබීමක් සිදු කර තිබුණි.
යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබිම සිදු කර පලා ගොස් ඇත. එම වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ අවුරුදු 22ක් වු කැළණිමුල්ල ,අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.