News

මුහුණ වසාගෙන අවමංගල උත්සවයකට සහභාගි වීමට පැමිණි යුවලක් අත්අඩංගුවට

අවමංගල උත්සවයකට සහභාගි වීම සදහා මුහුණ වසාගෙන පැමිණි මුස්ලිම් ජාතික කාන්තාවක් සහ ඇයගේ ස්වාමි පුරුෂයාව අත්අඩංගුවට ගෙන ඇති බව හලාවත පොලීසිය කියයි.

11 වැනිදා රාත්‍රීයේ හලාවත – ජයබිම ප්‍රදේශයේදී මෙම අත්අඩංගුව ගැනීම සිදු කර ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 23 ක් වන පිරිමි අයෙකුව සහ අවුරුදු 26 ක් වන කාන්තාවක්වය. වයස් පරතරයක් තිබුණද ඔවුන් අඹු – සැමියන් බව කියති. කාන්තාව හලාවත – ජයබිම පදිංචිකාරියක් වන අතර,පිරිමි අය පුත්තලමේ පදිංචිකරුවෙකු වුවත් විවාහයෙන් පසුව ඔහුද හලාවත – ජයබිම ප්‍රදේශයට පදිංචිය සදහා පැමිණ ඇත.

අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව මුහුණ වසාගෙන අවමංගල උත්සවය සදහා පැමිණ ඇත.මේ බව ජයබිම පදිංචිකරුවන් විසින් හලාවත පොලීසියට දැණුම් දීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.අනතුරුව ඔවුන්ගේ නිවසේ තිබී කඩුවක්ද සොයා ගෙන ඇති පොලීසිය එයද තම බාරයට ගෙන ඇත.

සැකකරු සහ සැකකාරිය හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කර ගෙන යයි.

ජුඩ් සමන්ත