News

මුහුණු පොත හරහා කෝටි 08ක වංචාවක්

 

 

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා පුද්ගලයන් සමග මිතුරු වී රුපියල් කෝටි අටකට අධික මුදලක් වංචා කළ බව කියන නයිජීරියානු ජාතිකයන් සිවුදෙනෙකු බෙලරුස් ජාතික කාන්තාවන් දෙදෙනකු හා එම වංචාවන්ට සහය ලබාදුන් බව කියන ශ්‍රී ලාංකික යුවළක් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (23 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් විදේශිකයන් සතුව හෙරොයින් ග්‍රෑම් 25ක්, ජංගම දුරකථන, බැංකු කාඩ්පත්, කළුපැහැති කොළ බණ්ඩල් රැසක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ. ලාංකික යුවළගේ නමින් ගිණුම් විවෘ‍ත කර ඇති අතර එක් ගිණුමකට රුපියල් ලක්ෂ 574 බැරවී ඇති බවද විමර්ශනවලදී හෙළි වී ඇත.

හේමන්ත ලියනපතිරණ